Tuesday, September 27, 2016

වෙසක් 


පැය කාලයි තුන්සීයයි ,
හතරක් ඔතන්න පන්සීයයි ,
ගම පිටිපස්සේ වෙසක් ,
සිල් සමාදම් සහ දන්සල් ,

රතුකරගෙන ඇස් ,
කවි කියන කොල්ලන් ,
සහ නොතේරුන කෙල්ලන් ,
තොරණ ලග කරයි පින් රැස් ,

තෙත් වෙච්ච කුඩු ,
කැරකෙනව සහමහරක් ,
එකා දෙන්න වටකරගෙන ,
බොමු අපි සිගරට් ,

බය කරමු පොඩි උන්
දාගෙන ගෙන වෙසමුණු ,
උදේ පුජාව මිස් ,
මම යනවා පන්සල් ,
- තාරුක් කනිෂ්ක

No comments:

Post a Comment